WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටිපරය පෙරැළි ව්‍යාපාරිකයා මරුට

2025 October 02- Page Views : 1187

අබලි ද්‍රව්‍ය  පැටවූ  ටිපර් රථයක් රත්තනපිටිය සූරිය මල් මාවතේදී ඇළකට පෙරලීමෙන් එහි රියදුරු ලෙස සිටි ව්‍යාපාරිකයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව දිවුලපිටිය සූරිය මල් මාවතේ පදිංචිව සිටි කේ ඩඩ්ලිව්  ආනන්ද (51)   යන අයයි.

මියගිය පුද්ගලයා පැරැණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම ඇතුළු විවිධ ව්‍යාපාර කටයුතු සිදු කරන අතර නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක් කඩාා ඉවතලන    අබලි  ද්‍රව්‍ය ටිපර් රථයේ පටවා වැඩ අංගනය විතර රැගෙනවිත් තිබූ බව පොලිසිය කියයි.

ඔහු  ඊයේ (1) අලුයම වැඩ අංගනයේ සිට ටිපර් රථය පසුපසටගැනීමේදී අසල ඇළ මාර්ගයට එකවරම උඩු බැලී අතට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.