පුදුකුඩිරිප්පු ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි
2025 October 02- Page Views : 1187
කිලිනොච්චිය , මුහමාලෙයි සහ මුලතිව් පුදුකුඩිරිප්පු දේවපුරම් හි ඉඩමක්තුල තිබී, මෝටාර් උණ්ඩ 32ක් , ආර්.පී.ජී උණ්ඩයක් සහ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයක් ඊයේ (01) සොයාගත් බව පොලිසිය කියයි.
පලෙයි පොලිසියට ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය මුහමාලෙයි හි ඉඩමක සිදුකළ සෝදිසියකදී මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 31 සොයාගත් බව පලෙයි පොලිසිය පැවසීය.
පුදුකුඩිරිප්පු දේවපුරම් හි ඉඩමක් ශුද්ධ පවිත්‍ර කිරීමේදී වළදමා තිබූ ආර්.පී.ජී උණ්ඩයක් , මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක් සහ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයක්ද සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ලකිරීම සඳහා එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ගෙනවිත් අතහැර දැමූ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස හමුවන්නට ඇති බවට සැකපලකරන බවත් පොලිසිය පැවසීය.