අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්මවන තද වැසි
2025 October 04- Page Views : 1187
අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඒ බව පවසයි.
එබැවින් ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.