WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

2025 October 05- Page Views : 1187

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සදහන් කළේය.

මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් බිදී ගොස් ඇති බවද වාර්තා වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය සැක පළකරන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.