WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාරක අනතුරු කිහිපයක් - තරුණියන් දෙදෙනෙකු ඇතුළු 6ක් මරුට

2025 October 05- Page Views : 1187

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (04) මෙම අනතුරු සිදුව තිබුණේ හොරණ, පින්නවල, තිරුක්කෝවිල්, කටුවන සහ මධ්‍යම කඳවුර යන පොලිස් වසම්වලදීය.

හොරණ - මහරගම මාර්ගයේ කනන්විල ප්‍රදේශයේදී තුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීගොස් විරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙක් සහ 21 හැවිරිදි තරුණියකි.

ඔවුන් කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් බව පොලීසිය පැවසීය.

මේ අතර හැටන් - බලංගොඩ මාර්ගයේ කිලෝමීටර් 08 කණුව අසලදී බලංගොඩ දෙස සිට පින්නවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීගොස් විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.

මේ අතර තිරුක්කෝවිල් පොලිස් වසමේ වීරයඩි අතුරු මාර්ගයේ විනයාගපුරම් දෙස සිට තිරුක්කෝවිල් පොතුවිල් ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පා පැදිකරු බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, නයාගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිට 70 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර සියාරපිටිය - වැලිපිටිය මාර්ගයේ තුන්දොළ පාලම අසලදී ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළිගොස් තුන්දොළ පාලමෙන් පහතට වැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරුකර යවා තිබුණි.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී රියදුරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර මධ්‍යම කඳවුර උහන මාර්ගයේ 18 ජනපදය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පස අයිනේ ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුවූ අනතුරින් පදික පුද්ගලයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.