WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප - වෙනත් සිද්ධියකට යළි රිමාන්ඩ්

2025 October 08- Page Views : 1187

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය සිකුරාදා දින ඔහුව රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබුණි.

එහෙත් පසුව අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවස තුළ තිබී අත්බෝම්බයක් හමුව ඇති අතර, ඒ අනුව ඔහුව නැවත අත්අඩංගුවට ගෙන මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක මාර්තු මස 11 වනදා රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් දූෂණයට ලක්ව තිබුණි.

අදාළ වෛද්‍යවරිය සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබූ අතර, පසුව රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ.

අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබේ.

එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.

අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වුණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුව යුද හමුදා සේවයෙන් පළා ගොස් සිටි කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරුව අත්අඩංගුවට ගැනුණි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද  වාර්තා වේ.

ඔහු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර, ඔහු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ.

පසුව සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හිංසනයට පත් වෛද්‍යවරිය විසින් හඳුනා ගනු ලැබීය.