කතුන්ට නොවැම්බරයේ බස් රියැදුරු වරම්
2025 October 08- Page Views : 1187
බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අරඹමිනි.
කාන්තා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානය වන විට බඳවා ගන්නවා. ඒ වගේම මෙට්රෝ බස් සේවය අප පටන් ගන්නවා.බස් ටිකට් එකෙන් මාටියා ගැසීම ප්‍රසිද්ධ දෙයක්.ඒ නිසා කාඩ් ගෙවීම් ක්‍රමයක් හැදීමේ ඉල්ලීම තිබුනා.නොවැම්බර් 30 වන විට දැනට තිබෙන බස් ටිකට් මැෂින් වලින් බැංකු කාඩ් මගින් ගෙවීම් කරන්නට පහසුකම් ලබා දෙනවා.තවමත් පොදු මගී ප්‍රවාහනය තියෙන්නේ නරක තත්ත්වයේ.එය විසඳන්න සැමගේ උදව්ව ලබා දෙන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.