හිටි හැටියේ වාහන දෙකක් ගිනිගෙන
2025 October 08- Page Views : 1187
බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තබා තිබු ලොරියක් සහ වෑන් රථයක් අද (8) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශ වී ගොස් ඇතයි ඇටම්පිටිය පොලිසිය පවසයි .
මෙම ලොරිය සහ වෑන් රථය එකම පුද්ගලයකු ට අයත් බවත් , ඔහු ලොරියත්, වෑන් රථයත් මෙසේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල රාත්‍රි නවතා තබා නිවසට ගොස් සිටියදි වාහන දෙක මෙසේ ගින්නෙන් විනාශ වී ගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , කිසිවෙකු විසින් මෙම වාහන දෙකට ගිනිතබන්නට ඇතයි පොලිසිය සැකකරයි .