WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුහුණුවීම් අතරතුර සිඟිත්තෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

2025 October 09- Page Views : 22

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

මෙම ළමයා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇති අතර පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.