WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නීතීඥවරයාට පහරදුන් කොස්තාපල් රිමාන්ඩ්

2025 October 11- Page Views : 1188

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා. අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතීඥවරයා සහ මෙම පොලිස් නිලධාරියා අතර බහින් බස්වීමක් සිදුව තිබුණා. ඒ, මෙම නීතිඥවරයා පැමිණි මෝටර් රථය අධිකරණ භූමියේ නවතා තිබීම හේතුවෙන් බන්ධනාගාර බස් රථය පිටතට ගැනීමට නොහැකි වීම හේතුවෙන්. එම බහින්බස් වීම දුරදිග යාමෙන් පොලිස් කොස්තාපල්වරයා මෙම පහරදීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ නීතිඥවරයා විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ අනුව ගල්කිස්ස පොලිසිය විසින් අධිකරණ භූමියේ සිටි සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.