WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අගමැතිනිය චීන මහජන වීරයන් බලන්න යයි

2025 October 14- Page Views : 27

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය බීජිං ටියානන්මෙන් චතුරශ්‍රයේ මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වීය.

ඊට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරිය චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භක නායකයා වූ දිවංගත සභාපති මාඕ සේතුං සහ ජාතියේ විප්ලවවාදී අරගලයට ජීවිත කැප කළ  වීරයන් සිහිපත් කරමින් ආචාර කළා ය.

ටියානන්මෙන් චතුරශ්‍රයේ බටහිර පෙදෙසෙහි පිහිටි මහජන මහා ශාලාවේ චාරිත්‍රානුකූල වතාවත් වලට සහභාගී වීමට පෙර, චීන මහජන සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබිණි.