දේශපාලකයන්ගේ - රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ එකක් විය යුතුයි
2025 October 14- Page Views : 8 දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ දෙකක් නොවිය යුතු බව බව නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණයකට සහභාගී වෙමින් එහි නිලධාරීන් අමතමින් පැවසීය.
දිනිඳු සමන් මහතා අද(14) ජාතික තරුණ සේවා සභාව නිරීක්ෂණය කළ අතර එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ද සහභාගී විය.
මෙරට තාරුණ්‍ය වෙනුවෙන් පවතින ප්‍රධානතම ආයතනය ලෙස ජාතික තරුණ සේවා සභාව වර්තමාන තාරුණ්‍යයට ගැලපෙන තැනක් බවට පත් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ අභියෝග කළමනාකරණය කරමින් ජාතික තරුණ සේවා සභාව වසරක කාලයක් තුළ නව පියවර ගණනාවක් තබා ඇති බවයි.
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.