රෝහල්වලට දුන් කෝටි 421ක බෙහෙත් කුණු කූඩෙට
2025 October 15- Page Views : 1187
රජයේ රෝහල්වලට 2024 වර්ෂයේදී නිකුත් කෙරුණු රුපියල් කෝටි 421කට වැඩි වටිනා ඖෂධ ශල්‍ය හා රසායන ද්‍රව්‍ය තත්වයෙන් අසමත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර ඇතැයි අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.
එසේම කෝටි 36කට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත් වීම හේතුවෙන් ඒවායේ භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇති බවද එහි සඳහන් වෙයි .මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව නිකුත් කෙරුණු 2024 විගණන වාර්තාවේය.