ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි
2025 October 16- Page Views : 25 විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කොහුවල බෝධිය වත්තේ අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන පුද්ගලයන් තිදෙනකු කැස්බෑව තානායම පාරේ දි රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
වැටලීමත් සමඟම යතුරු පැදියක සිටි පුද්ගලයකු යතුරුපැදිය අත්හැරදමා පලා ගොස් ඇත. අත්අඩංගුවට පත් වූවන් අතර පියකු සහ දියණියක හා තීරෝද රථ රියදුරෙකු සිටින බව පොලිසිය කියයි.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112 කට අධික ප්‍රමාණයක් හා හශිශ් ගෑම් 50 ක් හා ජාවාරමට යොදාගත් යතුරුපැදියක් මෙන්ම ජංගම දුරකථනයක් සහ ජාවාරමින් උපයා ගත් බව කියන රුපියල් 146400 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.