WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිටපු සභාපති පොලිසියට කඩා වැදි යකා නටලා

2025 October 16- Page Views : 1187

මහ රෑ තම වාහනයෙන් ආණමඩුව පොලිසියට කඩා වැදි පොලිසියට චණ්ඩි පාට් දමමින් අශෝබන ලෙස හැසිරුණ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුශංඛ පෙරේරා මහතා ආණමඩුව පොලිසිය මගීන් අද ( 16 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන (ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ) පොහොට්ටුව උදාර මධුශංඛ පෙරේරා නැමති අයකු බව කියයි.

හිටපු සභාපතිවරයා මධ්‍යම රාත්‍රියේ තම මෝටර් රථයෙන් ආණමඩුව පොලිස්ථානයට කඩා වැදි එහි දි මෝටර් රථය අධික ශබ්දයෙන් පන ගන්වමින් අශෝබන ලෙස හැසිරි ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා ගිය පොලිස් නිළධාරීයකුටද අශෝබන ආකාරයෙන් බැන වැදි ඇති බව කියයි.

එහිදි අදාල තැනැත්තාගේ ක්‍රියා කලාපයත් අධික ලෙස බිමත්ව සිටිමත් යන කරුණු මත ඔහුව අත් අඩංගුවට ගැනිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබු බව කියයි.

අත් අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක ලෙස   ක්‍රියාකාරි දේශපාලන චරිතයකි.