WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රජයේ ආයතනවල හිතුමතේ පඩි වැඩි කිරීම් බඳවාගැනීම් බෑ

2025 October 20- Page Views : 24

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතන මින් පසු හිතුමතේ සේවකයන් බඳවා ගැනීම් සහ  වැටුප් වැඩි කිරීම් දීමනා ආදිය ලබාදීම නොකළ යුතු බවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා  චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒවායේ ප්‍රධානීන්ට  දැනුම් දී ඇත.

ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ සමාගම්වල සභාපතිවරුන්ටය.මූල්‍ය කළමනාකරණයේ පියවරක් ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව දැනගන්නට ඇත.