WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බගවන්තලාවට තද සුළං : ගසක් වැටී ගොඩනැගිල්ලකටත් හානි

2025 October 21- Page Views : 1187

බගවන්තලාව ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් ගසක් කඩා වැටී සමූපාකාර ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

බගවන්තලාව කැම්පියන් වතුයාය හරහා අද(21) අලුයම හමා ගිය දැඩි සුළඟකින් නුග ගසක් කඩා වැටීමෙන් එම වතුයායේ සමූපාකාර ගොඩනැගිල්ලට එලෙස අලාභ හානි සිදු වූ බව ප්‍රදේශවාසීන් කියනවා.

අලුයම 2:30ට පමණ හමා ගිය දැඩි සුළඟිින් නුග ගස කඩා වැටුු බවයි ඔවුන් කියන්නේ.

එම ගොඩනැගිල්ලේ වතුයායේ කොවිලේ භාණ්ඩ රැසක් ගබඩා කර තබූ බවත්, නුග ගස කඩා වැටීමෙන් ඒවා හානි සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.