ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ
2025 October 22- Page Views : 1187
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.
එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය.
ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 ලෙසත් නියම කර තිබේ.
ආනයනික සම්මා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස සඳහන් වන අතර පොන්නි සම්මා කිලෝ ග්‍රෑමයක උපරිම මිල රුපියල් 240ක් ලෙස සඳහන් ය.
එමෙන්ම කීරි පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255 ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධන ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්ය.