WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

2025 October 22- Page Views : 30

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය.

යුක්‍රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටින බව සඳහන්ය.

මෙම ප්‍රහාර හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

රුසියාව යුක්‍රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමේදී බලශක්ති සැපයුම්, දුම්රිය, නිවාස සහ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් සිවිල් යටිතල පහසුකම් මත එල්ල කිරීම ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

චර්නිහිව් කලාපය රුසියාව සහ බෙලරුස් යන දෙඅංශය සමඟම දේශසීමාවක් බෙදා ගෙන ඇති අතර, මෙහි ගුවන් ආරක්ෂක කලාපයට පැමිණෙන ඕනෑම යානයකට ක්ෂණිකව ප්‍රහාර එල්ල වන බව සඳහන්ය.