WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රෝහල් සේවකයාගේ යතුරුපැදියේ T56උණ්ඩ

2025 October 23- Page Views : 28

කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකවරයකුගේ යතුරුපැදියේ සඟවා තිබූ ටී පනස් හය උණ්ඩ 5 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ තුනක් සොයා ගත්බව මරදාන පොලිසිය පවසයි.

කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකයෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට මරදාන පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශන වලදී කොළඹ ජාතික රෝහලේ පැරණි  බාහිර රෝගී අංශයේ රථ ගාලේ නවතා තිබූ එම රෝහල් උපස්ථායකගේ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන ඇත.

එම යතුරුපැදිය තිබී සුදු පැහැති කුඩු වර්ගයක් අඩංගු පාර්සලයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර එම පුද්ගලයා සමග ඇති වූ අමනාපයක් මත කිසියම් පුද්ගලයකු මෙම උණ්ඩ යතුරු පැදියේ කවුලින් එක තුළට දැමුවේද නැතිනම් ඔහු එම උණ්ඩ රැගෙන ආවේ ද යන්න පිළිබඳව මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.