කොරියා රැකියා විභාග වලට ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක්
2025 October 23- Page Views : 30 දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම් වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.
කොරියා භාෂා පරීක්ෂණ කටයුතු ටැබ් භාවිතා කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කිරීමත් සමඟ එම ආයතනයේ ඉල්ලීම මත 2025 වර්ෂයේ සිට පරික්ෂණ කටයුතු සිදු කිරීම සඳහා වැඩි පහසුකම් ඇති, වරකට රැකියා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් සඳහා විභාග පැවැත්වීමට මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.
පරීක්ෂණය සඳහා අවශ්‍ය ටැබ් පහසුකම් කොරියානු රජය විසින් ලබා දී ඇති අතර නව ගොඩනැඟිල්ලේ පරික්ෂණ කටයුතු සිදු කිරීමේදී එක් සැසියක් සඳහා රැකියා අපේක්ෂකයින් 100 දෙනෙකුට පෙනී සිටීමට හැකි අතර දිනකට රැකියා අපේක්ෂකයින් 400 ක ප්‍රමාණයකට විභාගය සඳහා පෙනී සිටීමට හැකිය.