මිනුවන්ගොඩින් ටී - 56 පතරොම් සමඟ සැකකරුවෙක් මාට්ටු
2025 October 25- Page Views : 5
මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී - 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24 ) සවස ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී ටී - 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.