තියුණු ආයුධ සමඟ හතරක් නාගොඩදී අල්ලයි
2025 October 28- Page Views : 8
කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි බවට සැක කරන පුද්ගලයන් සිව් දෙනෙකු කළුතර දකුණ පොලිස් වසමේ කළුතර නාගොඩ රජවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය තියුණු ආයුධ සහ යතුරුපැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18510 , කඩු 4 යි , යතුරු පැදි 2 ක් ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් ,හා ආරක්ෂක හිස් වැසුම් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරියේ නියෝජ්‍ය පොලිස්‌පති. සමන්ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පරිදි මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් සැරයන් 68639 කුලතුංග මහතා ඇතුළු කටුකුරුන්ද යතුරුපැදී කණ්ඩායමේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර දකුණ රජවත්ත , බෝම්බුවල පදිංචිකරුවන්ය.