ධීවර සහ නාවික ප්‍රජාවට අවවාදාත්මක දැනුම්දීමක්
2025 October 28- Page Views : 8
ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසටයි දැනුම්දෙන්නේ.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මොන්තා සුළි කුණාටුව උතුරට බරව වයඹ දිසාවට ගමන් කරමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද සවස් කාලයේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතයි.
ඒ අනුවයි ධීවර සහ නාවුක ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබාදී ඇත්තේ.