WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාම යයි

2025 October 28- Page Views : 35

ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා පසුගියදා. ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදී. 

රුවන් වනිගසූරිය මහතාට වයස අවුරුදු (60) සම්පූර්ණ වීම හේතුවෙන් මෙම විශ්‍රාම ගැනීම සිදුවූ බව ආරක්ෂක අමාත්‍යශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේ ජනරාල් රුවන් වනිගසූරිය මහතා  යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටියදී  පසුගිය ජනවාරි මස සිට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වශයෙන් වැඩ භාර ගන්නා ලදී. 

රුවන් වනිගසූරිය මහතා සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ට අන්දමින් සේවයක් කළ නිලධාරියකු වන අතර ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් රටේ බුද්ධි අංශ ජාලය ශක්තිමත් කිරීම සහ ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩි කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 

මේජර් ජෙනරාල් රුවන්. වනිගසූරිය  මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමේ  උත්සවය ඊයේ  (27)  ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.