හලාවත රෝහලට අලුත් එළියක්
2025 October 28- Page Views : 40
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රජයේ රෝහල වන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනම්න් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රෝහලේ අතරමග වැඩ නතර වී ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
රෝහලේ 2013 වසරේ ආරම්භ වු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට 50% ක වැඩ අවසන් කර ඇති මහල් 05 කින් යුත් කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය, 2014 වසරේ ක්‍රියාත්මක වු ව්‍යාපෘතියක් යටතේ වැඩ ආරම්භව 2018 වසරේ සිට ඉදිකිරීම් කටයුතු නතර වී ඇති හදිසි ප්‍රතිකාර ඒකකය (A&E) යන ව්‍යාපෘති නැවත ආරම්භය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහි දී වැඩි අවධානයක් යොමු විය.
ලබන වසරේ මුල්භාගයේ ප්‍රමුඛතා හඳුනා ගනිමින් හදිසි අනතුරු ඒකකය සහ මහල් 5 කින් යුත් දැනට 50% වැඩ අවසන් කර ඇති කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය යන ප්‍රධාන සහ රෝහලට අත්‍යාවශ්‍ය ව්‍යාපෘති 2 නැවත ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
හලාවත නගර මධ්‍යයේ අක්කර 7 1/2 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම රජයේ රෝහල සහ මධ්‍යම රජයේ සෘජු අධීක්ෂණය යටතේ පවතින දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන සෞඛ්‍ය සේවා ආයතනය ලෙස හලාවත දිස්ත්‍රික් මහ රෝහල විශාල ජනතාවකට රෝගී ප්‍රතිකාර සේවා සපයනු ලබයි.