සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියත් කොටුවෙයි
2025 October 29- Page Views : 41
පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙම නීතිඥවරිය කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉෂාරා සෙව්වාන්දි නමැති සැකකාරිය එම ඝාතනය සඳහා රැගෙන ආ පිස්තෝලය සඟවා ගෙන පැමිණියේ දණ්ඩ නීති සංග්‍රහයේ පිටුපතක මැද කපා තනාගෙන තිබූ රහස් කුටීරයකය.
සැකකාරිය එම පිස්තෝලය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහයේ පිටපත නීතිඥයෙකු ලෙස වෙස් ගෙන පැමිණි වෙඩික්කරුට ලබා දී තිබූ බව විමර්ශනවලදී හෙළි විය.
අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥවරිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.