WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනියම් ඇසුරක් විස බලෙන් වස පොවලා

2025 October 30- Page Views : 741

අනියම් සැමියාට පහරදී බලෙන් විෂ ශරීරගත කොට ඝාතනය කළ බව කියන අනියම් බිරිය, ඇගේ සහෝදරියන් දෙදෙනා සහ ඥාතියකු අත්අඩංගුවට ගත් බව දොඹ ගහවෙල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 29, 32 ,36 වියේ පසු වන කාන්තාවන් තිදෙනකු සහ 25 හැවිරිදි පුද්ගලයෙකි.

පවුල් ආරවුලක් මත පුද්ගලයකු වස පානය කර මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබූ අතර පශ්චාත් මතන පරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.