WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස් වෙයි

2025 October 30- Page Views : 9

නිදහස් සෞඛ්‍ය සේවාවේ  අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" (NHDC) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය.

මෙම විද්වත් කතිකාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙරට විශ්ව විද්‍යාල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන මෙන් ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්හු රැසක් සහභාගී වී සිටියහ.

ජනතාවට ගුණාත්මක, ඵලදායීහා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම ඉදිරි  කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සැලසුම්  සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී සාකච්ඡා කෙරිණි.