පොලොව බිඳින ස්කෑනරයක් සමග දෙකක් මාට්ටු
2025 October 31- Page Views : 362
කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ නිධානයක් ගැනීමේ අරමුණින් භූගත වස්තූන් සොයන ස්කැනර් (scanner) යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන නිවසක රැඳී සිටී දෙදෙනකු ස්කැනර් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගැනීමට වාන් ඇල පොලිසිය සමත් වූහ.
පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා සමග ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් ත්‍රිකුණාමලය, කින්නියා හා වත්තල අල්විස් වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි .