වරෙන්තුවට ඇල්ලුවැයි පවුලේ අය පොලිසියේ යකා නටලා
2025 October 31- Page Views : 352
අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ලබා සිටි වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගත්තැයි ඇල්ල පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසියට අඩත්තේට්ටම් කළැයි කියන මවක, පුතකු සහ දියණියක අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
ඇල්ල උඩඅරාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මවක, 23 හැවිරිදි පුතකු සහ 16 හැවිරිදි දියණියක මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැලිමඩ අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිට අධිකරණය මගහැරියයි වැලිමඩ අධිකරණය මගින් මෙසේ විවෘත වරෙන්තු දෙකක් ලබා පොලිසියට කට්ටි පනිමින් සිටියදි ඇල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල උඩඅරාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය පැවසීය
.
මෙම වරෙන්තුකරු ඇල්ල නගරයේ ගැවසෙන බවට ලද තොරතුරක් මත ඇල්ල පොලිසියේ නිළධාරින් පිරිසක් සැකකාර වරෙන්තුකරු මෙසේ ඇල්ල නගරයේ දී අත් අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කලේය
.
අනතුරුව ඇල්ල පොලිසියට පැමිණ අත් අඩංගුවට ගත් වරෙන්තුකරුගේ මව, නැගනිය සහ මල්ලි අත් අඩංගුවට ගැනිමට විරුද්ධ වී පොලිසිය තුල කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසියට අඩත්තේට්ටම් කළ බව පොලිසිය පවසයි .