සැමියාගේ නම කුඩුවලට ගෑවුනු ජාජබ මන්ත්‍රීවරිය අස් වෙයි
2025 November 07- Page Views : 10
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවද ජවිපෙ කියයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙසේද සඳහන් කරයි.
සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්විය.
ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මේ සිදුවීම සමිබන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක් වී ඇති අතර නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙසද රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමු කර තිබේ.