WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2026 අයවැය අද මැතිසබයට

2025 November 07- Page Views : 10

2026 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙය ජාතික ජන බලවේග රජයේ දෙවැනි අයවැය වනවා.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය සැප්තැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම කෙටුම්පතට අනුව 2026 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4545ක්.

එය 2025 වසරේ ඇස්තමේන්තුගත වියදමට වඩා රුපියල් බිලියන 71ක අඩුවීමක්.

ලබන 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 7ක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 14 වැනි සිකුරාදා පස්වරු 06.00ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය ලබන 15 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 06.00ට සිදුකෙරෙනවා.

ජනාධිපතිවරයා විසින් සිදුකරන 2026 අයවැය කථාව අද පස්වරුවේ සිට හිරු ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.