WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටිල්වින්-ස්විස්ටර්ලන්ත තානාපතිනී හමු වෙයි

2025 November 07- Page Views : 10

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්  සිල්වා මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන  කාර්යාලයේදී සිදු විය.

මෙරට පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් ස්විස්ටර්ලන්තයේ සිදු කළ සංචාරය පිළිබඳව සහ ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා සිදුව තිබේ.

 හමුව සඳහා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ජස්ටින් බොයිලට් ,ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මංජුල පද්මකුමාර  සහ නීතිඥ මධූ කල්පනා මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.