කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
2025 November 07- Page Views : 10
2024 වසරේදී කැනඩාවේ ඔටාවාහිදී කුඩා දරුවන් හතර දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් නියම කරන ලෙස එරට අධිකරණය නියෝග කර තිබේ.
මෙම ඝාතන සිද්ධියට වරදකරු වූයේ, ඝාතනයට ලක්වූ පවුල සමග ජීවත් වූ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නමැති 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙක් ය.
කැනේඩියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරු වරද පිළිගත් බව ය.
අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම් දී ඇත්තේ, සැකකරුට දඬුවම ලිහිල් කර ගැනීමට වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විදිය යුතු බව ය.
නඩුව විභාග කළ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, මෙම මිනීමැරුම් සිද්ධිය ඔටාවා නගරයේ සිදුවූ දරුණුතම අපරාධවලින් එකක් බව ත් එය මහජනතාව “කම්පනයට පත් කළ” සිද්ධියක් බව ත් ය.
2024 මාර්තු 7 වන දා එකම පවුලේ මවක, ඇගේ දරුවන් සිව් දෙනා සහ ඔවුන් සමග එම නිවසේ ජීවත් වූ තවත් පුද්ගලයෙකුට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනයට ලක් කරනු ලැබිණි.