2026 අය-වැය
2025 November 07- Page Views : 10
2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරම්භ කරනු ලැබීය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා අද (නොවැ. 7) පස්වරු 1.30ට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.
2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතින් වැඩි ම මුදල් ප්‍රමාණයක් වන රුපියල් බිලියන 634ක් වෙන් කොට ඇත්තේ, මුදල් අමාත්‍යාංශයට ය.
2025 ජනාධිපති වැය ශීර්ෂය වූ රුපියල් බිලියන 2.7ක මුදල 2026 අය-වැය සඳහා රුපියල් බිලියන 11ක් දක්වා වැඩි කර ඇත. ඒ අනුව, ලබන වසරේ බිලියන 8ක වැඩි වීමක් පෙන්නුම් කරයි.
විශේෂයෙන් ම, ලබන වසරට දේශීය හා විදේශීය වශයෙන් ලබාගන්නා ණය උපරිම ප්‍රමාණය රුපියල් බිලියන 3,800කි.
මුදල් අමාත්‍යාංශයට පසුව වැඩි ම මුදල පිළිවෙළින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 618ක් ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554ක් ද ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455ක් ද අය-වැයෙන් වෙන්කොට ඇත.