WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දරුවා ලොරියට බිලි

2025 November 08- Page Views : 10

දේවස්ථානයට ගොස් නිවසට යමින් සිටී 11 හැවිරිදි පාසල් සිසුවකු ලොරි රථයකට යටවී මියගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් මිහිරාජ් යූසුෆ් අලී නැමැති පාසල් සිසුවකු බව පොලිසිය කීය. මියගොස් ඇති පාසල් සිසුවා පාපැදියෙන් මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට පාර මාරුවීමේදී ගාල්ල දෙසින් පැමිණි ලොරියට යටවී ඇති බව පොලිසිය කීය. බරපතල තුවාල ලබා සිටි පාසල් සිසුවා කළුතර නාගොඩ සීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කීය.