කෝටි 10ක් සොරාගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ්
2025 November 08- Page Views : 10නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදියේ හා කොළඹ මුහුදු මාවතේ රන් භාණ්ඩ වෙළදසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (07) නියෝග කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත සේවය කරන ලද සුරාබදු කෝප්‍රල්වරයන් වන එන්.ටි.තිලකරත්න, එල්.එච්.පි.සි.කෞෂල්‍ය, ජී.පුබුදු, ලක්මාල්, සහ සුරාබදු පරීක්ෂකවරයෙකු වන ඊ.ඒ.ඩි.තිලෝචන මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරුවන් තිදෙනෙකු (06) දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනකු විසින් ඔවුන්ව හඳුනාගෙන ඇති අතර අද (07) දිනයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කෙරිණි. සැකකරුවන් පස්දෙනා කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේදී රන් භාණ්ඩ වෙළෙඳසල් දෙකකින් රුපියල් දසකෝටි විසි ලක්ෂයක මුදලක් (102,000,000) කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් ඔක්තෝම්බර් (30) දින දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.