WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

2025 November 10- Page Views : 36

මිනුවන්ගොඩ - අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තරගය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අදාළ පුද්ගලයා තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ‍

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.