WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

2025 November 11- Page Views : 43

කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගැල් ගම්මානය වෙත මෝටර් රථයකින් අනවසරෙන් ඇතුළුව සිටි පුද්ගලයෙකු. ගුවන් හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්ත, පාළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

මෙම පුද්ගලයා ඊයේ (10) රාත්‍රියේ මෝටර් රථයෙන්  ගුවන් ගැල් ගම්මානයට  අනවසරයෙන් ඇතුළු වී මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන්, එහි ආරක්‍ෂාවට යොදවා සිටි ගුවන් හමුදා සාමාජිකයන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවූ බීමතින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි. 

මොහු අනවසරයෙන් ගුවන් ගැල් ගම්මානයට මෝටර් රථයකින් ඇතුළු වූයේ ඇයිද යන්න හෙළි කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.