WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොටහේනේ ඝාතනයට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

2025 November 11- Page Views : 20

කොටහේන  99 මහල් නිවාස සංකීර්ණ ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයේදී වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමු වූ බව කොටහේන පොලිසිය කියයි.

එම මෝටර් රථයේ අසුන මත තිබී පිස්තෝල වර්ගය උණ්ඩයක් සහ උල් පිහියක් පොලිසිය මගින් සොයාගෙන ඇත

.ඉකුත් 7 දින රාත්‍රියේදී  සිදුවූ එම වෙඩි තැබීමෙන් කොටහේනම් කොලේජ් වීදිය 16 වන පටු මගේ බුද්ධික ප්‍රනාන්දු නැමති අය මියගොස් තිබිණි

එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වත්තල පොලිසිය සහ කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කොටහෙන ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්ම අපරාධ වල නියැලෙන පලනි රිමොශන්  සහ කුඩු සෙල්විගේ පුතුන් අතර වු ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී තිබිණි