WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැලිගම විල්ට් නිසා මාතර පොල් ගස් පන්දහසක් කැපේ

2025 November 13- Page Views : 26

මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් ආශ්‍රිත රෝගයක් හේතුවෙන් පොල් ගස් 5,000ක් කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

”‍වැලිගම විල්ට්”‍ නමින් හැඳින්වෙන මෙම රෝගයෙන් ආක්‍රමණික කෘමියෙකු හරහා පොල්ගසේ මුදුන හානි වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,200 ක් මෙම රෝගයට ගොදුරු වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළා.

කෙසේවෙතත් රෝගය වැළදී ඇති පොල් ගස් විනාශ කිරීමට යාමේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්ට ඇතැම් වගාකරුවන් විසින් විරෝධය දක්වන බවට ද වාර්තා වනවා.

මෙවන් පසුබිමක සේනා දළඹු හානිය හේතුවෙන් අම්පාර - උහන ප්‍රදේශයේ බඩ ඉරිඟු‍ ගොවීන් අසීරුතාවට පත්වී සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ හානි වන වගාවන් සඳහා නිසි ප්‍රතිකාරයක් හඳුන්වා දෙන ලෙසයි.