WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කිරින්දේදී අයිස් සමග ඇල්ලූ සැකකරුවන්ට රැදවුම් නියෝග

2025 November 13- Page Views : 5

කිරින්දේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා, තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 18 තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඊයේ උදෑසන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 329 ක් සමග කිරින්ද - අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණ තිබූ රථ 6ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු පළාතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි හී රැදී සිටින ඩුබායි රන් මල්ලි නමැත්තාගේ සහ හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ ගෝලයකු වන අංගොඩ ප්‍රියංකර නමැත්තාගේ බවට පොලිසිය සැක පළ කරනවා.

තිස්සමහාරාමය ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් ඇති බවට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලු‍ගලට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.

එම තොරතුරු මතයි දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් 3ක් කිරින්ද අඳගල මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ සෝදිසි කිරීමක් දියත් කර තිබුණේ.