WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොරි රථයක් සොරාගෙන පලා යමින් සිටි අයෙකු සිදුකළ අනතුරින් අයෙකු මරුට

2025 November 16- Page Views : 4

ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රියේ කඳාන පොලිස් වසමේ මාරියා මාවත ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලීසිය පැවසීය.

ව්‍යාපාරිකයෙකු සිය නිවසේ නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර යම් අයෙකු පලා ගොස් ඇති අතර පසුව එම ලොරි රථය පසුපස රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබේ.

එහිදී සැකකරු ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක්ද අනතුරට ලක් කර පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියකද ගැටී අනතුරුව ලොරි රථය අසල පිහිටි තාප්පයක ගැටී මාර්ගයේ පෙරළි ගොස් ඇත.

පළමු අනතුරින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සහ දෙවන අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙවන අනතුරේ යතුරුපැදි ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලොරි රථය සොරකම් කර අනතුරු සිදුකළ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන කඳාන පොලීසිය වෙත භාරදී ඇති අතර සැකකරු මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් සැකකරු අවුරුදු 46ක් වූ ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කඳාන පොලීසිය විසින් සිදුකරනු ලබයි.