WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

GMOA නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් සඳහා ජනපති ලේකම් කාර්යාලයට

2025 November 17- Page Views : 31

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (17) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලට පැමිණ තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සඳහාය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලතල දරන වෛද්‍යවරු රැසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ.

එම සාකච්ඡාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවත් වාර්තා වේ.