WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුරුවිට ප්‍රා.ස. අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2025 November 19- Page Views : 3

කුරුවිට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මත කරගැනීමට පාලක ජාතික ජන බලවේග කණ්ඩායම  සමත් විය.

සභාපති විකසිත පුෂ්පසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි .

කුරුවිට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැයට පක්ෂව ජන්ද 27ක් ලැබුණි. විපක්ෂව ජන්ද 19ක් ලැබුණි. කුරුවිට ප්‍රාදේශීය සභාවේ මුලු සභික සංඛ්‍යාව  46කි. පාලක ජාතික ජන බලවේගයේ සභික සංඛ්‍යාව 20කි. සභාවේ උපසභාපති ධූරය පොදු ජන පෙරමුණ නියෝජනය සභිකයින් තිදෙනාගෙන් කෙනෙක් උසුලයි.

අයවැයට පක්ෂව මාළිමාවේ සභිකයින් 20දෙනා සමග පුටුවේ සභිකයින්  03දෙනා, පාපන්දුව ලකුණින් ස්වාධීන ඉල්ලූ දෙදෙනා , පොරොව ලකුණින්  ස්වාධීනව ඉල්ලූ එක් සභිකයෙක්  සහ වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයෙන් ඉල්ලූ නියෝජිතය ජන්දය දුන්නේය .

අයවැයට විරුද්ධව  සමගිජන බලවේග කණ්ඩායමේ සභිකයින් දහදෙනා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් හයදෙනා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් දෙදෙනා සහ පොරොව ලකුණින් නියෝජනය කරන එක් සභිකයෙක් සමග ජන්ද19ක් ලැබුණි.