WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොල්ලකෑමක් සම්බන්ධයෙන් සුරාබදු කෝප්‍රල්වරු දෙන්නෙක් අත්අඩංගුවට

2025 November 20- Page Views : 24

නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11  හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි  ලක්ෂයකට   අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට තවත් සුරා බදු කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් මීට පෙර සුරා බදු ක්‍රෝප්‍රල්වරැන් සිව් දෙනකු සහ සුරාබදු පරීක්ෂකවරෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සහ රිමාන්ඞ්  භාරයට පත් කළ සියලූම නිලධාරීන් සුරා බදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත නිලධාරින්ය.

ඉකුත් ජුනි මස 5 වෙනි දින  සැකකාර සුරා බදු නිලධාරීන් වැටලීමක් සිදුකරන මුවාවෙන් රන් අලෙවි වෙළෙඳ වෙළඳසැල් දෙකට ඇතුළු වී රුපියල් 102,000,000/=  මුදලක් දකොල්ලකා එම ආයතන දෙකේ සේවකයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් එම වැටලීම සිදුකර තිබුණේ  නීති විරෝධීව ආනයනය කර සඟවා ඇති දුම් වැටි තොගයක් අත්අඩංගුවට ගන්නා මුවාවෙනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් සිව් දෙනෙකු පමණක් දුම් වැටි සමග අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකාර සුරා බදු නිලධාරීන් අනතුරුව කොල්ලකෑ මුදලින් කෝටි පහක මුදලක් නැවතත් ඔහුන් වෙත ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි