WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පත්මේගේ මවට අයත් ලොරියක් පොලිස් බාරයට

2025 November 21- Page Views : 4

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වශයෙන් හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ  නැමැත්තාගේ මවට අයත් ලොරි රථයක්  රඹුක්කන පොලිස් බාරයට ගෙන ඇත. 

රඹුක්කන පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (20). රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි ඉහත ලොරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කිරීමේ වරදට එම ලොරි රථයේ රියදුරු සහ සහයක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී . මෙම ලොරි රථය ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් බවට හෙළිවූ බව පොලිසිය පවසයි. 

තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී ජයසිංහ ආරච්චිගේ මාලනී යන එම  කාන්තාව  කෙහෙල් බද්දර පත්මේ නමැත්තාගේ මව බවට අනාවරණය වූ බවද පොලිසිය කියයි. 

ඒ අනුව මෙම ලොරි රථයේ සහ, අදාල කාන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර බව පොලිසිය සඳහන් කරයි.  රඹුක්කන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.