WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් අයෙක් මරුට

2025 November 24- Page Views : 10

මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ (23) සිදුවු අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබු වයස අවුරුදු දෙකහාමරක් පමණ වන ගැහැණු දරුවෙකු සහ තවත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවය.

ඊයේ රාත්‍රී 9.20ට පමණ මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් මතට තලගොල්ල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබුණි.

එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රීරෝද රථයේ සිරව සිටි අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඔවුන් මුදා ගැනීමට කටයුතු කරනු ලැබීය.

අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයන් මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි වියේ පසු වු පුද්ගලයෙකු වන බව ද සඳහන් වේ.

අනතුරින් තුවාල ලැබු අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවෙකු, 48 හැවිරිදි කාන්තාවක් සහ 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිසිය පැවසුවේ ගස කඩා වැටීමෙන් ඒ අසල මාර්ගයේ නවතා තිබු ලොරි රථයකට සහ අසල වෙළෙදසැලකට ද හානි සිදුව ඇති බවය. 

මේ අතර ගස කඩා වැටීම හේතුවෙන් මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයෙන් මේ වන විට මාර්ගය අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී ඇත.