දිවයින පුරා තද වැසි
2025 November 24- Page Views : 10
දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය හෙට දිනයේ අඩු පීඩන කාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේ තවදුරටත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රාදේශවල අහාස වළාකුලින් බවර පවතිනු ඇත.
උතුරු,උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100කට වැඩි තරමක තද වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තදවැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික් තද සුළං ද ඇති වේ.